Pun Sanda Paya Rantharu Ahase Song Lyrics - පුන් සඳ පායා රන්තරු අහසේ ගීතයේ පද පෙළ

Pun Sanda Paya Rantharu Ahase Song Lyrics - පුන් සඳ පායා රන්තරු අහසේ ගීතයේ පද පෙළ

Pun Sanda Paya Rantharu Ahase Song Lyrics - පුන් සඳ පායා රන්තරු අහසේ ගීතයේ පද පෙළ
Song Title : Pun Sanda Paya Rantharu Ahase (පුන් සඳ පායා රන්තරු අහසේ)
ගායනය : හරූන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද : සිරිසේන විමලවීර
තනුව : ඕ.පී. නයියාර්
සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
චිත්‍රපටිය : මා ආලේ කළ තරුණිය
1959 දී භාරතයේ තිරගතවූ Dil Deke Dekho චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, Dil Deke Dekho Dil Deke Dekho යන ගීයෙන් තනුව උපුටා ගත් බව පැහැදිලිය.එනමුත් මේ තනුවට නිර්මාණයවූ ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ, Dekho Kasam Se Kahate Hain Tum Se නම් මුල් ගීය ඇතුළත්වූයේ Tumsa Nahin Dekha (1957) චිත්‍රපටියේ ය.



පුන් සඳ පායා රන්තරු අහසේ
දිලිසෙයි ටිකි ටිකි ගා
රෑ දෙව් දූගේ රන් පට සේලේ
නිල්මිණි ඒව තමා

ඔබ මුව කමලේ
නෙත් සඟලේ
ඒ නිල්මිණි ඔබලා
දැන් ඒ දිලිසේ මා හද මඬලේ
ඝණ රන් තරු පරදා

නුරා ගීත අස්සේ
සඳ රැස් ගලා බසිද්දී //

රුවන් ලතාවක් සේ
ඔබ නෙත් කොණින් බලද්දී //

මෙච්චර ලස්සන සුන්දර ලෝකය
මා සියසින් දැක්කා
ගස් වැල් මල් තරු නිල්වන් පළතුරු
පැද්දි පැද්දි නටනා

ආ..
පෙම් ලොව පෙම් තරු
පෙම් තරු දෙකක් ගිලිහි වැටුණා
මංගල ලෝකෙහි මංගල සීනුවෙ
ටිං ටිං හඬ නැඟුණා

පෙම් සුවඳින් නෑවී පෙම් සුළඟක් ආවා //

පෙම් යුවලක් වටලා පෙම් බැම්මක් දැම්මා //

රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
රත්නපුරේ හිරගෙයි

ආ..
රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
රත්නපුරේ හිරගෙයි

ප්‍රේම කුරුලු නාදේ මැද ප්‍රේම කූඩු සෑදේ //

ප්‍රේම මිහිර නෑවී ඉන් ප්‍රේම ගීත පෑදේ //

පුන් සඳ පායා රන්තරු අහසේ
දිලිසෙයි ටිකි ටිකි ගා
රෑ දෙව් දූගේ රන් පට සේලේ
නිල්මිණි ඒව තමා

ඔබ මුව කමලේ
නෙත් සඟලේ
ඒ නිල්මිණි ඔබලා
දැන් ඒ දිලිසේ මා හද මඬලේ
ඝණ රන් තරු පරදා
රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
මා හද මැදුරේ දොයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pun Sanda Paya Rantharu Ahase Song Lyrics - පුන් සඳ පායා රන්තරු අහසේ ගීතයේ පද පෙළ Pun Sanda Paya Rantharu Ahase Song Lyrics - පුන් සඳ පායා රන්තරු අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2022 Rating: 5

0 comments:

Post a Comment