Dinapotha Song Lyrics - දින පොත ගීතයේ පද පෙළ

Dinapotha Song Lyrics - දින පොත ගීතයේ පද පෙළ
Song Title : Dinapotha (දින පොත)
Music Composed, Arranged. & Lyrics by : Supun Peiris
Rap Lyrics: Smokio
Mixed And Mastered by: Kasun Wickramasingha
Director / DOP : Satheesh Rathnarajh
Colorist: Lahiru Hettiarachchi
Asst. Director: Manura Sanjitha
Art director : Piumal Chathuranga
Harmony : Chamal Nilshan


හීනයට ආල කල ඈ පෑ ඒ සිනා
රාගයද ආදරය ඈ විමසූ නිසා
නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා
සොඳුරු බව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා

ආදරණීය දින පොත (ආදරණීය දින පොත)
ඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොට
අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොට
අවසන දින දෙකෙහි තිබෙන සටහන්නම්
දරගන්න බැරි තරම් හද කරයි කම්පා
වැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම්
ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ
ආදරණීය දින පොත
අද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක්
අම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයි දැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක්
හිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මං
අද ගැන කාටවත් නෑ මතකවත්
හැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන්
මගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකං
අනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවා
නංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයි
කියලත් අද එකෙක් කිව්වා කනගමන්
ඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අද
ඉතිං කාමරෙට ආවා රවලා මං

සොදුරු බව නිහඩ කර සලෙලුන් මන් මත් වුනා

අනෙ දිනපොත
ඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයි
අත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරං
කෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරා
ඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා
මොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලා
මම බේරෙන්න හැදුවා දගලලා
ඒත් මට වඩා හයියයි ඒ අමනයා
කොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලා
ඒ සතා උගෙ අසහනෙන් මාව යටකලා
ගිණි අරං දැවෙන කොට අපායක මා
ඒ අවලමා හැම දේම රූ ගත කරා
ඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලා
අනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාව
කාටනම් කියන්නද මගෙ වේදනාව
පිරිමි ජාතියට කරනව මම සාප
මේ තමයි මගෙ සටහන අවසාන
දෙවියෝ පෙන්නාවි අනුකම්පාව
මා සමුගත්තාම
යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට

හීනයට ආල කල ඈ පෑ ඒ සිනා
රාගයද ආදරය ඈ විමසූ නිසා
නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා
සොඳුරු බව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා

>
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dinapotha Song Lyrics - දින පොත ගීතයේ පද පෙළ Dinapotha Song Lyrics - දින පොත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2022 Rating: 5

0 comments:

Post a Comment