Song Title : Oba Enna (ඔබ එන්න)
ගායනය : මොරිස් විජේසිංහ
පදරචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : සමන්ත පෙරේරා
ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි //
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා //
මඟ සොය සොයා
මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා
ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා //
මඟ බල බලා
නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා
ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි
0 comments:
Post a Comment