Perada Mewu Sina Song Lyrics - පෙරදා මැවූ සිනා ගීතයේ පද පෙළ

Perada Mewu Sina Song Lyrics - පෙරදා මැවූ සිනා ගීතයේ පද පෙළ
Song Title : Perada Mewu Sina (පෙරදා මැවූ සිනා)
ගායනය : ශිහාන් මිහිරංග
ගී පද : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය


පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා... //

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perada Mewu Sina Song Lyrics - පෙරදා මැවූ සිනා ගීතයේ පද පෙළ Perada Mewu Sina Song Lyrics - පෙරදා මැවූ සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2022 Rating: 5

0 comments:

Post a Comment