Jaramara Asse Man Song Lyrics - ජරමර අස්සේ මං ගීතයේ පද පෙළ

Jaramara Asse Man Song Lyrics - ජරමර අස්සේ මං ගීතයේ පද පෙළ
Song Title : Jaramara Asse Man (ජරමර අස්සේ මං)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
1974 දී තිරගත වූ "ළසඳා" සිනමා කෘතියෙන්


ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං //

දෑතෙ නටාවිද රන් වළලු
දෑසෙ පිරේවිද උණු කඳුළු //
කවුද දන්නේ
උඹ දන්නවනම් කියාදියන් ළසඳෝ

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං //

රෑට පෙනේවිද සුභ සිහිනේ
කාට ලැබේවිද ජයපානේ //
කවුද දන්නේ
උඹ දන්නවනම් කියාදියන් ළසඳෝ

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං //

පාර වැසේවිද යන ගමනේ
මිහිර පිරේවිද මධු බඳුනේ //
කවුද දන්නේ
උඹ දන්නවනම් කියාදියන් ළසඳෝ

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jaramara Asse Man Song Lyrics - ජරමර අස්සේ මං ගීතයේ පද පෙළ Jaramara Asse Man Song Lyrics - ජරමර අස්සේ මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment