Hinahena Ath Banu Song Lyrics - හිනැහෙනා අත් බනු ගීතයේ පද පෙළ

Hinahena Ath Banu Song Lyrics - හිනැහෙනා අත් බනු ගීතයේ පද පෙළ
Song Title : Hinahena Ath Banu (හිනැහෙනා අත් බනු)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : ශාන්ත ජයලත්
පද රචනය : ජයසේන බෙලිගල


හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා
එමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරා
ඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරා
ඔහොම හිටියා සිත් පුරා

දෙනෙත් ගෙන මා දෙවුර සතපා ගිය ගමන් දුර ගව් ගනන්
පුරුද්දක්වී හදට ගොඩවූ දැනෙයි යන විට පසුකරන්
යකඩ කඳවුව ඉබේ නලියයි සුදෝ කෝ දැන් හස නුඹෙන්
සුදෝ කෝ දැන් හස නුඹෙන්

පෙරදවස මා ඔබ දකින්නට නිතර එන හැටි මැවෙනවා
දැනුදු දැන් දැන් එතැයි සිතමින් දෑස් නිරතුරු කෙවෙනවා
නමුදු සිහිනෙකවත් නොයෙන්නට නින්ඳ මට පිටුපානවා
නින්ඳ මට පිටුපානවා

හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා
එමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරා
ඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරා
ඔහොම හිටියා සිත් පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinahena Ath Banu Song Lyrics - හිනැහෙනා අත් බනු ගීතයේ පද පෙළ Hinahena Ath Banu Song Lyrics - හිනැහෙනා අත් බනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 24, 2022 Rating: 5

0 comments:

Post a Comment