Awilunu Ginidal Song Lyrics - ඇවිලුණු ගිනිදැල් ගීතයේ පද පෙළ

Awilunu Ginidal Song Lyrics - ඇවිලුණු ගිනිදැල් ගීතයේ පද පෙළ
Song Title : Awilunu Ginidal (ඇවිලුණු ගිනිදැල්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : විමලධර්ම ජයවීර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා
ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී

රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //
හිරු අවරට ඇදුනා
පාලුව තනිකම රජයන විටදී //
ඈ මට හමුවූවා

ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී

සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී //
ඈ මට හමුවූවා

ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awilunu Ginidal Song Lyrics - ඇවිලුණු ගිනිදැල් ගීතයේ පද පෙළ Awilunu Ginidal Song Lyrics - ඇවිලුණු ගිනිදැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment