Api Raga Wayanwa Song Lyrics - අපි රාග වයනවා ගීතයේ පද පෙළ

Api Raga Wayanwa Song Lyrics - අපි රාග වයනවා ගීතයේ පද පෙළ
Song Title : Api Raga Wayanwa (අපි රාග වයනවා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන සහ භද්‍රජී මහින්ද ජයතිලක
පද රචනය : භද්‍රජී මහින්ද ජයතිලක
තනුව හා සංගීතය : රුක්ශාන් කරුණානායක


අපි රාග වයනවා
අපි බයිලා නටනවා
හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා
දනුත් බෙදනවා
මස් මාලුත් කනවා
බණත් අහනවා
හිතුනොත් බොරුත් කියනවා //

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ //

අපි සණ්ඩු කරනවා
සාමය සොයා දුවනවා
වරදක් තේරුණාම හිසත් නවනවා
අපි දුකත් විඳිනවා
සමහරු සැපත් විඳිනවා
ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ //

අපි ප්‍රේම කරනවා
අතරේ වෛර කරනවා
අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා

කණුත් තියනවා
හිතුනම ලණුත් අදිනවා
බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
එවන් මිනිස් හැඟුම් නිසා නේ

ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
මෙවන් මිනිස් හැඟුම් නිසා නේ

ලලල් ලාල ලලල ලලා
ලලල් ලාල ලලල ලලා
ලලල් ලාල ලලල් ලාල ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Raga Wayanwa Song Lyrics - අපි රාග වයනවා ගීතයේ පද පෙළ Api Raga Wayanwa Song Lyrics - අපි රාග වයනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment