Ahipillamak Athara Song Lyrics - ඇහිපිල්ලමක් අතර ගීතයේ පද පෙළ

Ahipillamak Athara Song Lyrics - ඇහිපිල්ලමක් අතර ගීතයේ පද පෙළ
Song Title : Ahipillamak Athara (ඇහිපිල්ලමක් අතර)
ගායනය : උමාරියා සිංහවංශ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
2019 අගෝස්තු මස එළිදැක්වුණු 'විජයබා කොල්ලය' සිනමා සිත්තමේ ගීයකි.


ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතල ම කඳුළක් ව නවතින්න දෑසේ
උණුසුම් ම සසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ
මිහිරේ
මිහිරේ

මේ මියුරු ගී හඬ ද ගී වැල ද ඔබගේය
මේ පිරුණු දෙකොපුල් ද තොල්පෙති ද ඔබගේය
සුළඟින්ද කිලිපොළන සියොළඟම ඔබගේය
මිහිරේ
මිහිරේ
මිහිරේ

හැමදා ම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ
මිහිරේ
මිහිරේ

ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
මෙ කුමන කඳුළක් ද නවතින්න දෑසේ
උණුසුම් ම සසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ
මිහිරේ
මිහිරේ

මිහිරේ
මිහිරේ

මිහිරේ
මිහිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahipillamak Athara Song Lyrics - ඇහිපිල්ලමක් අතර ගීතයේ පද පෙළ Ahipillamak Athara Song Lyrics - ඇහිපිල්ලමක් අතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2022 Rating: 5

0 comments:

Post a Comment