Wahinna Muthu Wassak Song Lyrics - වහින්න මුතු වැස්සක් ගීතයේ පද පෙළ

Wahinna Muthu Wassak Song Lyrics - වහින්න මුතු වැස්සක් ගීතයේ පද පෙළ
Song Title : Wahinna Muthu Wassak (වහින්න මුතු වැස්සක්)
ගායනය : අමරසිරි පීරිස් සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : ෂෙහාන් ගලහිටියාව
තනුව හා සංගීතය : රංග දසනායක
'වහින්න මුතු වැස්සක්' ටෙලි නාට්‍යයෙන්


විසිරුණු තරු පත් සිඳුණා
හිම පිණි පවනක් සැලුණා
දිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුණා
ගිණි නිල්ලේ සිත්තම්වන පෙම් ඉඟි ලැබුණා

සිතුවිලි කළඹක් වෙමිනා
හද මුදු හැඟුමන් දෙමිනා
සැනසුමේ ඉන්නම් ළය මත හිත සතපා
නෙතු දැල්වී ඇත්නම් මගෙ ළඟ නුඹ සැමදා

වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
සිත පහන්ව ඉන්නේ පැතුම් ළංවෙලා සඟවා
වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
හද වහන්ව ඉන්නේ සිතුම් ඉටුවෙලා නොදොඩා

හා හා හා... හා ආ ආ ආ... අඅ ආ...
 
නෙතු කොණේ කඳුළු පෙඟුවේ නැත මා
පැතු ලෙසේ සුවඳ රැඳුණේ සදා
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
නුඹ මගේ සොඳුරු මතකේ රැඳුණා

රුව මැවේ දුරක ක්ෂිතිජේ ඉම හා
දුක හිතේ නුඹව නොලැබේ කියා
හිත මගේ නුඹට පුද දුන් ඒ වසන්තේ
සඳ රැයේ හැඟුම පවනේ සැලුණා

වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
සිත පහන්ව ඉන්නේ පැතුම් ළංවෙලා සඟවා
වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
හද වහන්ව ඉන්නේ සිතුම් ඉටුවෙලා නොදොඩා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahinna Muthu Wassak Song Lyrics - වහින්න මුතු වැස්සක් ගීතයේ පද පෙළ Wahinna Muthu Wassak Song Lyrics - වහින්න මුතු වැස්සක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment