Radha Song Lyrics - රාධා ගීතයේ පද පෙළ

Radha Song Lyrics - රාධා ගීතයේ පද පෙළ
Song Title : Radha (රාධා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ජගත් විජේවීර
තනුව : ජගත් විජේවීර
සංගීත සංයෝජනය - ඇන්තනී සුරේන්ද්‍ර


ඔබ හඬනවනම් මහ හයියෙන්
හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ
නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විඳින්න රාධා

ළඟට වෙලා තුරුලු වෙලා
ඔබේ සුසුම විඳින්න රාධා

දුර ආකාසේ තරු අතරේ
නොඉන්න රාධා
මගෙ නෙත් අතරේ රශ්මිය වී
හිඳින්න රාධා
පුර හඳට මුවාවෙලා හොරෙන්
නොපෙනී රාධා
මගෙ උරහිස මත අටවකදා
නිදන්න රාධා

ඔබ හඬනවනම් මහ හයියෙන්
හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා

ළඟට වෙලා තුරුලු වෙලා
ඔබේ සුසුම විඳින්න රාධා

මලක් වෙලා අර අතු අග
නොපෙනී රාධා
මා ළඟම පිපී සුවඳ දිදී
හිඳින්න රාධා
ජීවිතයම ගිණියම් වූ
දීර්ඝතම රාත්‍රියයි මේ රාධා
මට පේන දුරින් හිඳින්න රාධා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Radha Song Lyrics - රාධා ගීතයේ පද පෙළ Radha Song Lyrics - රාධා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment