Sudu Mala Wage Song Lyrics - සුදු මල වගේ ගීතයේ පද පෙළ

Sudu Mala Wage Song Lyrics - සුදු මල වගේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Mala Wage (සුදු මල වගේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද : ප්‍රීති රන්දෙණිය
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ

සුදු මල වගේ පොඩි කැකුළියේ

මග වස නපුරු සල්ලාල සිත්
තොල් පෙති අගදි රස ගී ගයත් //
පොඩි නැගණියේ විමසිලි ඇසින්
ලොව නෙත් යොමා දැනුවත් වෙයන්

සුදු මල වගේ පොඩි කැකුළියේ

ගෙයි ඇතුළෙ මගතොට සර්පයින්
නෙක බමරු වෙස් විෂ මුරුගයින් //
මව්පියන් වැනි සත් පුරුෂයින්
දැන ඔවුන් ළඟ නොතැලී හිඳින්

සුදු මල වගේ පොඩි කැකුළියේ

මඟ හරිම කටුකයි දියණියේ
ගල් බොරළු මුදු පා රිදවතේ //
ගිය හොතින් මඟ සිහි බුද්ධියෙන්
නුඹෙ පයට විල්ලුද හමුවෙතේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ
සුදු මල වගේ පොඩි කැකුළියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Mala Wage Song Lyrics - සුදු මල වගේ ගීතයේ පද පෙළ Sudu Mala Wage Song Lyrics - සුදු මල වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment