Ma Hadawath Winawe Song Lyrics - මා හදවත් වීණාවේ ගීතයේ පද පෙළ

Ma Hadawath Winawe Song Lyrics - මා හදවත් වීණාවේ ගීතයේ පද පෙළ
Song Title : Ma Hadawath Winawe (මා හදවත් වීණාවේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය :  : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී

උකුළු තලා වසා රැඳුණු
සේද වලා උනා දමන
මගේ සුසුම් ඔබේ සුසුම් කුණාටුවක් වී
ඉවුරු බිඳින රැල්ල නඟාවී

මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී

කඳුළු සලා හඬා වැටුණු
අඳුරු වලා ඉරා දමන
ඔබේ පැතුම් මගේ පැතුම් සුළං රොදක් වී
නිබඳ සිතට පවන් සලාවී

මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Hadawath Winawe Song Lyrics - මා හදවත් වීණාවේ ගීතයේ පද පෙළ Ma Hadawath Winawe Song Lyrics - මා හදවත් වීණාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment