Soduriya Song Lyrics - සොඳුරිය ගීතයේ පද පෙළ

Soduriya Song Lyrics - සොඳුරිය ගීතයේ පද පෙළ
Song Title : Soduriya (සොඳුරිය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : මහාචාර්ය සමන්ත හේරත්
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය

පෙරුම් පුරා දුකසේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම්
මිහිරි ද සොඳුරිය

සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම්
මිහිරි ද සොඳුරිය

සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soduriya Song Lyrics - සොඳුරිය ගීතයේ පද පෙළ Soduriya Song Lyrics - සොඳුරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment