Ladune Song Lyrics - ළඳුනේ ගීතයේ පද පෙළ

Ladune Song Lyrics - ළඳුනේ ගීතයේ පද පෙළ
Song Title : Ladune (ළඳුනේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ළඳුනේ .... ළඳුනේ .....

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .... ළඳුනේ ...

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ ....

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ladune Song Lyrics - ළඳුනේ ගීතයේ පද පෙළ Ladune Song Lyrics - ළඳුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment