Sandaluthale Hinda Song Lyrics - සඳළුතලේ හිඳ ගීතයේ පද පෙළ

Sandaluthale Hinda Song Lyrics - සඳළුතලේ හිඳ ගීතයේ පද පෙළ
Song Title : Sandaluthale Hinda (සඳළුතලේ හිඳ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : නිමල් රත්නසිරි රූපසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සඳළුතලේ හිඳ පෙරමඟ බලනා
මානවිකාවියෙ ඔබට කියන වග නම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම් //

ඇත්හල් අස්හල් සිව්රඟ සේනා
දැසිදස් පිරිවර සහ රන් දෝලා //
පැතූ වගක් ඔබ මා සිතුවේ නැත
සෙනේහයේ මුල් අකුරු කියූ දින
අචිරවතී ගං ඉවුරු තලේ

සඳළුතලේ හිඳ පෙරමඟ බලනා
මානවිකාවියෙ ඔබට කියන වග නම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්

රන් පට රන් සළු දර්ශන මාලා
මැදුරු සඳළුතල මංගල යානා //
නිසරු ඉසුරකට මහදේ ඉඩ නැත
ඔබගෙන් සමුගෙන ඈතට යන්නට
ඉතිං අවසරයි කුමාරියේ

සඳළුතලේ හිඳ පෙරමඟ බලනා
මානවිකාවියෙ ඔබට කියන වග නම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandaluthale Hinda Song Lyrics - සඳළුතලේ හිඳ ගීතයේ පද පෙළ Sandaluthale Hinda Song Lyrics - සඳළුතලේ හිඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment