Sikurada Enu Nolasa Song Lyrics - සිකුරාදා එනු නොලසා ගීතයේ පද පෙළ

Sikurada Enu Nolasa Song Lyrics - සිකුරාදා එනු නොලසා ගීතයේ පද පෙළ
Song Title : Sikurada Enu Nolasa (සිකුරාදා එනු නොලසා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සිකුරාදා එනු නොලසා
හද සරසා මා සනසා //
අවරගිරේ හිරු සැඟවීයන්
අවරගිරේ හිරු සැඟවීයන්

එන කිවි දින
ඇය එනු දැන
හද හිනැහිණ
හිත සැනසිණ //
රුදු රුපු දන කළ අනවිණ
යළි දුරුවිණ වට සිටි දින
රත්තරනින් ඇය සැරසීයන්
රත්තරනින් ඇය සැරසීයන්

සිකුරාදා එනු නොලසා
හද සරසා මා සනසා //
අවරගිරේ හිරු සැඟවීයන්
අවරගිරේ හිරු සැඟවීයන්

නෙත කඳුළැලි
නැත හෙට යළි
හද සැණකෙළි බිම කලඑළි //
ගත නැළවිලි
ලොව සැනසිලි
සිත සිතුවිලි
කල සැරසිලි
දෙවට ළඟින් රුව ගිලිහීයන්
දෙවට ළඟින් රුව ගිලිහීයන්

සිකුරාදා එනු නොලසා
හද සරසා මා සනසා //
අවරගිරේ හිරු සැඟවීයන්
අවරගිරේ හිරු සැඟවීයන් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sikurada Enu Nolasa Song Lyrics - සිකුරාදා එනු නොලසා ගීතයේ පද පෙළ Sikurada Enu Nolasa Song Lyrics - සිකුරාදා එනු නොලසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment