Sanda Se Nilambare Song Lyrics - සඳ සේ නිලම්බරේ ගීතයේ පද පෙළ

Sanda Se Nilambare Song Lyrics - සඳ සේ නිලම්බරේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Se Nilambare (සඳ සේ නිලම්බරේ)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
තනුව : ස්ටැන්ලි පීරිස්
පද : අසංක ප්‍රියමන්ත පීරිස්


සඳ සේ නිලම්බරේ
පායා ආ පාවී
ඔබ ආවෙ නැති දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ

අප යන එන තැන මල් උයනේ හිඳි
පාරාදීසේ පෙම්වත්තු
ඇස නොම දුටු දා උන් විමසනවා
නුම කොහිදෝ හිත අරගත්තු
නපුරු වෙලා හිත නම් පට බැන්දට
අමනාපෙන්වත්දෝ
හිත රිදවන්නෙපා ආදරේ

සඳ සේ නිලම්බරේ
පායා ආ පාවී
ඔබ ආවෙ නැති දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ

ඉස්සර පෙම් හිත කවි ගී උල්පත
ඔබ ළඟ නැතිවත් තව එහෙමයි
පෙම් කල හදවත වාවන්නේ නෑ
ප්‍රේමයෙ සැමරුම් හිත රිදවයි
කඳුළු කතාවට පර මල් උයනට
වසන්තයක් වේදෝ
හිත රිදවන්නෙපා ආදරේ

සඳ සේ නිලම්බරේ
පායා ආ පාවී
ඔබ ආවෙ නැති දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ
සඳ සේ නිලම්බරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Se Nilambare Song Lyrics - සඳ සේ නිලම්බරේ ගීතයේ පද පෙළ Sanda Se Nilambare Song Lyrics - සඳ සේ නිලම්බරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment