Pandara Jame Kukulo Hadana Song Lyrics - පාන්දර ජාමේ කුකුළො හඬන්නා ගීතයේ පද පෙළ

Pandara Jame Kukulo Hadana Song Lyrics - පාන්දර ජාමේ කුකුළො හඬන්නා ගීතයේ පද පෙළ
Song Title : Pandara Jame Kukulo Hadana (පාන්දර ජාමේ කුකුළො හඬන්නා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඩෙස්මන්ඩ් රුද්‍රිගෝ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
1991 දී තිරගතවූ “පාරාදීසේ’ චිත්‍රපටියේ ගීයකි
මේ ගීය ඇතුළත් චිත්‍රපටිය තිරගත වන විට එච්.ආර්. ජෝතිපාල අපෙන් සමුගෙන ගොස් ය.“පාරාදීසේ’ චිත්‍රපටිය සඳහාම නිර්මාණය වූ ගීයක් ද කියන්නට නොදනී


පාන්දර ජාමේ කුකුළො හඬන්නා
ඉඟි බිඟි ගැණු ළමෝ බැල්ම හෙළන්නා
මන්දහාස ඔය දෑසේ උකුලු මුකුලු දාලා
නින්දක් නේන රෑ පානේ අපට අඟර පාලා
සංකාවෝ සින්දාවී ගැණු ළමෝ මේ //

රප්ප පපා පපරං පපා රපපා රපපා
රපා පපා රපරං පපා රපපා පපපා

අනේ රජෝ හංග ගෙනා කුමාරිකාවී
හෙට හැංගි හොරා ඔන්න අපේ ගෙදරට ඒවී
අනේ රජෝ හංගා ගෙනා කුමාරිකාවී
හෙට හැංගි හොරා ඔන්න අපේ ගෙදරට ඒවී

අපි ඇද්ද ලණුව දැම්ම කොඩිය ගිය ගිය පැත්තේ
ඔය අපට උඩින් කවුද ගිහිං ජය අරගත්තේ (අහ)

මේව අහල පණ පලයං ලබන පෙරේදා

හෝයි
පාන්දර ජාමේ (හොහෝ)
කුකුළො හඬන්නා (හහා)
ඉඟි බිඟි ගැණු ළමෝ බැල්ම හෙළන්නා

මූදු හතින් ඉගිල්ලිලා මේ අපි එන්නේ
මකර කටින් රිංග යන්න නෑ බයවෙන්නේ

ඒ...
මූදු හතින් ඉගිල්ලිලා මේ අපි එන්නේ
මකර කටින් රිංග යන්න නෑ බයවෙන්නේ

උලේ පිලේ කොහෙත් අපට වෙනසක් නෑ නෑ
මේ උලේ පිලේ කොහෙත් අපට වෙනසක් නෑ නෑ

මේව අහල පණ පලයං ලබන පෙරේදා

හේයි

පාන්දර ජාමේ කුකුළො හඬන්නා
ඉඟි බිඟි ගැණු ළමෝ බැල්ම හෙළන්නා
මන්දහාස ඔය දෑසේ උකුලු මුකුලු දාලා
නින්දක් නේන රෑ පානේ අපට අඟර පාලා
සංකාවෝ සින්දාවී ගැණු ළමෝ මේ

රප්ප පපා පපරං පපා රපපා රපපා
රප පප රප රප පප පප රපප් පපප් රපප් රපප් පා

ලොවේ ඉන්න තුරු පමණයි මේ ගී සින්දූ
සදා රැඳෙයි ලොවේ යාළු මිතුරුකම් හද බැන්දූ

ලොවේ ඉන්න තුරු පමණයි මේ ගී සින්දූ
සදා රැඳෙයි ලොවේ යාළු මිතුරුකම් හද බැන්දූ

මේ ලෝකේ අම්බලමේ මිනිසුන් වූ දා
කොයි කවුරුත් එක වාගෙයි මෙතෙන්ට ආ දා

මේව අහල පණ පලයං ලබන පෙරේදා

හෝයි
හොහෝ (හහ් හහ් හා )
ඔහොහො ඔහොහො (ÿæ Ÿÿ..)
ඔහොහෝ... ( ÿæහ් .. ÿæහ් ..)
(ÿæ §µ£ Ÿÿ ... €Æ.. ÿæ §µ£ Ÿÿ ... €Æ..)
ඔහොහෝ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pandara Jame Kukulo Hadana Song Lyrics - පාන්දර ජාමේ කුකුළො හඬන්නා ගීතයේ පද පෙළ Pandara Jame Kukulo Hadana Song Lyrics - පාන්දර ජාමේ කුකුළො හඬන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment