Pahan Thire Awilenne Song Lyrics - පහන් තිරේ ඇවිලෙන්නේ ගීතයේ පද පෙළ

Pahan Thire Awilenne Song Lyrics - පහන් තිරේ ඇවිලෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Pahan Thire Awilenne (පහන් තිරේ ඇවිලෙන්නේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : කරුණාරත්න අබේසේකර
හින්දි ගී තනුවකි.මෙම ගීය චිත්‍රපටි දෙකක ඇතුලත් විය.ඉන් පළමුවැන්න 282 වැනි සිංහල චිත්‍රපටිය වූ "ඔන්න බබෝ බිල්ලෝ එනවා" චිත්‍රපටියයි. එහි සංගීත අධ්‍යක්ෂණය, පී. එල්. ඒ සෝමපාල ගෙනි. දෙවැන්න තිරගත වූයේ 1993 වසරේදීයි. ඒ වනවිට ජෝති ජීවතුන් අතර සිටියේ නැත. එය 768 වැනි සිංහල චිත්‍රපටිය වූ "ළඟින් ගියොත් ඇහැක් නෑ" චිත්‍රපටියයි. එහි සංගීත අධ්යක්ෂක ජයන්ත ගමගේ යි.ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ 1972 දී මොහොමඩ් රාෆි, ආශා බෝස්ලේ සමග රිවාස් චිත්‍රපටියට ගැයූ "තුජ්මෙන් හූන් මේන් මුජිමෙන් හේ තූ" ("Tujhmen Hoon Main Mujhmen Hai Tu" ) නම් ගීයෙනි.


පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන්වන්නේ

ආ... ආහාහා...
ආහාහා... ආහාහා...
සසල වුණා (අහා)
රස සාගරේ (හොහෝ)
උරගා බැලුවද මගෙ ආදරේ

අරුණ උදේ කිරණ විදා
තුටින් දිළේවිද දිනපතිඳා

හඅඅ ආඅඅ ආඅඅ ආ ....
අඳුරු වලා අතර කිඳා
සැඟවි මැවේවිද රත් හමුදා

හායි පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන්වන්නේ

නවමලියේ ඔබ සෙවණේ
දහසක් මල් වල සුවඳ දැනේ

හඅඅ ආඅඅ ආඅඅ ආ ....
මා සතුදේ අමතක වී
මගෙ නෙත සිත ගත ඔබ සතුවී

හායි පහන් තිරේ (හහ්හා)
ඇවිලෙන්නේ (හාං)
පැතුම ඔබේ නෑ සුන්වන්නේ

සසල වුණා (අහා)
රස සාගරේ (හොහෝ)
උරගා බැලුවද මගෙ ආදරේ

හා... හාහාහා... හාහාහා... හාහාහා... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pahan Thire Awilenne Song Lyrics - පහන් තිරේ ඇවිලෙන්නේ ගීතයේ පද පෙළ Pahan Thire Awilenne Song Lyrics - පහන් තිරේ ඇවිලෙන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2022 Rating: 5

0 comments:

Post a Comment