Oba Hinda Ma Jiwath Wemi Song Lyrics - ඔබ හින්ද මා ජීවත් වෙමී ගීතයේ පද පෙළ

Oba Hinda Ma Jiwath Wemi Song Lyrics - ඔබ හින්ද මා ජීවත් වෙමී ගීතයේ පද පෙළ
Song Title : Oba Hinda Ma Jiwath Wemi (ඔබ හින්ද මා ජීවත් වෙමී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ නීලා චිත්‍රපටියේ ගීයකි


සොඳුරේ ....
හද මල් හී .... වැදීලා ....

රසෙන් මත්වී
එන්නෙ මාගේ
ඔබ හින්ද මා ජීවත් වෙමී

රසෙන් මත්වී එන්නෙ මාගේ
ඔබ හින්ද මා ජීවත්වුණේ

සොඳුරේ ....
හද මල් හී වැදීලා
හැඟුම් රාශී
රසෙන් මත්වී
එන්නෙ මාගේ

ඔබ හින්ද මා ජීවත් වෙමී

රුවකි හදෙහි ඇඳ සියුමැල්
පෙර කලෙක රසින් මත් සුරතල් //

නෑ ඇත්තෙ මා හර්දෙ සෝකේ
පාවෙන්නේ ආනන්ද ලෝකේ

ඔබ හින්ද මා ජීවත්වුණේ

ආවෙ වෙන්වෙන්නදෝ
දෛවෙ එක් වෙන්නදෝ
ඕ ...
ආවෙ වෙන්වෙන්නදෝ
දෛවෙ එක් වෙන්නදෝ

ආයෙ සැනසෙන්නෙදෝ ඔබ
ඉන්නෙ මා එක්කදෝ
සංසාරෙ සන්තෝස සිහිනේ
ඔබෙ පෙම්වන්ත ‍දෝ පාට මූණේ

ඔබ හින්ද මා ජීවත් වෙමී

සොඳුරේ ....
හද මල් හී වැදීලා
හැඟුම් රාශී
රසෙන් මත්වී
එන්නෙ මාගේ

ඔබ හින්ද මා ජීවත් වෙමී

නීල කඳු රැල් වටේ
සීත මීදුම් වැටේ //
ඈත භවයෙන් භවේ ඔබ
මාව පැතුවා මෙසේ

ළංවීලා පවසන්න රහසේ
වෙන්වන්නෙ නෑ දෙන්න ආයේ

ඔබ හින්ද මා ජීවත්වුණේ

සොඳුරේ ....
හද මල් හී වැදීලා
හැඟුම් රාශී
රසෙන් මත්වී
එන්නෙ මාගේ

ඔබ හින්ද මා ජීවත් වෙමී

මහද දේවාලයේ
දෙවිඳුගේ පාමුලේ
ඒ ...
මහද දේවාලයේ
දෙවිඳුගේ පාමුලේ

කුසුම පූජා කළේ
ළමැද පළඳා තිබේ
පෙම්වන්ත පිංවන්ත රූපේ
අද ඒ සුවඳ විහිදන්නෙ ලෝකේ

ඔබ හින්ද මා ජීවත් වෙමී

සොඳුරේ
හද මල් හී වැදීලා
හැඟුම් රාශී
රසෙන් මත්වී
එන්නෙ මාගේ

ඔබ හින්ද මා ජීවත් වෙමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Hinda Ma Jiwath Wemi Song Lyrics - ඔබ හින්ද මා ජීවත් වෙමී ගීතයේ පද පෙළ Oba Hinda Ma Jiwath Wemi Song Lyrics - ඔබ හින්ද මා ජීවත් වෙමී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment