Kisiwak Nokiyana Song Lyrics - කිසිවක් නොකියන ගීතයේ පද පෙළ

Kisiwak Nokiyana Song Lyrics - කිසිවක් නොකියන ගීතයේ පද පෙළ
Song Title : Kisiwak Nokiyana (කිසිවක් නොකියන)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


කිසිවක් නොකියන
කිසිවක් නොඅසන
මුනිවත රකිනා ලඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළු ලාගෙන හිඳිණු එපා

කියාගන්න බැරි
දහසක් දේ ඇත
ජීවිතයට
සිතා ගන්න බැරි
දහසක් දේ ඇත
ඔබ අප වට
ඉදුනිල් ලෙළැසියෙ
ඔබේ සිතත් මගේ සිතත්
දෙකම එකක් කළ
අපට රහස් නැත
මුවගුළු ලාගෙන හිඳිණු එපා

තනිවූ මොහොතක
කුණාටුවක් මැද
සාගරයක
එක්වුණු මොහොතක
තරු වියනක් යට
මල් යායක
එනමුදු කුමුදිනියේ
ඔබේ සිතත් මගේ සිතත්
දෙකම එකක් කළ
අපට රහස් නැත
මුවගුළු ලාගෙන හිඳිණු එපා

කිසිවක් නොකියන
කිසිවක් නොඅසන
මුනිවත රකිනා ලඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළු ලාගෙන හිඳිණු එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kisiwak Nokiyana Song Lyrics - කිසිවක් නොකියන ගීතයේ පද පෙළ Kisiwak Nokiyana Song Lyrics - කිසිවක් නොකියන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment