Sitha Gawa Sirakariyayi Song Lyrics - සිත ගාව සිරකාරියයි ගීතයේ පද පෙළ

Sitha Gawa Sirakariyayi Song Lyrics - සිත ගාව සිරකාරියයි ගීතයේ පද පෙළ
Song Title : Sitha Gawa Sirakariyayi (සිත ගාව සිරකාරියයි)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි //
නිකලැල් හදේ පූජාසනේ
හැමදාම හිමිකාරියයි
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි

සන්සුන් සිතේ
දැහැනක් වෙමින්
පූජා තබා ළං වෙලා
සඳුනින් පැනින්
දහමක් වෙමින්
සිත දාහේ නිවා සතපනා
අහිතක් නොවී සුරකින්නෙමී
දෝතින්ම සතපා හොවා

හිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි

දැක ගන්නෙමී
හඳුනන්නෙමී
මඟ පායන්න තරුවක් වෙලා
සුරකින්නෙමී
පදවන්නෙමී
දිවි යාත්‍රාව වෙරළක් සොයා
දසුනේ පවා සිසිලක් වෙමින්
සසරේම ළං ළංවෙනා

සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි //
නිකලැල් හදේ පූජාසනේ
හැමදාම හිමිකාරියයි
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Gawa Sirakariyayi Song Lyrics - සිත ගාව සිරකාරියයි ගීතයේ පද පෙළ Sitha Gawa Sirakariyayi Song Lyrics - සිත ගාව සිරකාරියයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment