Kawuruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ

Kawuruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ
Song Title : Kawuruwath Naha (කවුරුවත් නැහැ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : හේමසිරි ගුණතුංග
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
එගොඩට යන්නට
එගොඩට යන්නට

ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ
ඔහෙ තිබුණා වේ
කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා
යන්න ගිහින්

කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
එගොඩට යන්නට
එගොඩට යන්නට

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි

කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
එගොඩට යන්නට
එගොඩට යන්නට

ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ
ඔහෙ තිබුණා වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawuruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ Kawuruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment