Your Choice Way

Mata Gamata Enna Song Lyrics - මට ගමට එන්න ගීතයේ පද පෙළ

Mata Gamata Enna Song Lyrics - මට ගමට එන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Gamata Enna (මට ගමට එන්න)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) //

කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
මං වැලහෙයි
පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරෙන් තුර පසු කර (ඇන්ටෙනා තුරෙන් තුර පසු කර)
පියසි උඩින් ඉගිල්ලෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

මුළු නුවරම ගිනිගත් සැණකෙළියයි
හිස බරයි
මගේ හද මිට කකියයි
එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Gamata Enna Song Lyrics - මට ගමට එන්න ගීතයේ පද පෙළ Mata Gamata Enna Song Lyrics - මට ගමට එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment