Kauruwath Na Egodata Yannata Song Lyrics - කවුරුවත් නෑ එගොඩට යන්නට ගීතයේ පද පෙළ

Kauruwath Na Egodata Yannata Song Lyrics - කවුරුවත් නෑ එගොඩට යන්නට ගීතයේ පද පෙළ
Song Title : Kauruwath Na Egodata Yannata (කවුරුවත් නෑ එගොඩට යන්නට)
ගායනය : අමරසිරි පීරිස්


කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ

දවසින් දවසම පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුනා
කිරල කැළැවේ කුරුලු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්

කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට

දෑතේ ඇතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ

කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kauruwath Na Egodata Yannata Song Lyrics - කවුරුවත් නෑ එගොඩට යන්නට ගීතයේ පද පෙළ Kauruwath Na Egodata Yannata Song Lyrics - කවුරුවත් නෑ එගොඩට යන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment