Irabatu Tharuwata Igi Bigi Kara Kara Song Lyrics - ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර ගීතයේ පද පෙළ

Irabatu Tharuwata Igi Bigi Kara Kara Song Lyrics - ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර ගීතයේ පද පෙළ
Song Title : Irabatu Tharuwata Igi Bigi Kara Kara (ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර)
ගායනය : අමරසිරි පීරිස්



ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර
සල් මල් ලන්දට සඳ පායනවා
ඇසිපිය නොවැටෙන නෙත් යුග දැකදැක
සුදු සඳ රැස්වන් කතා වියනවා

සල් සල් සල් මල් ලන්දක මනකම්
ඇයි මෙතරම් සිත බැඳුනේ
මල් මල් තරු මල් අහුරක සැඟවී
සඳ කිදුරා නිදියන්නේ

කතරේ පින් බිම සොයමින් යනදා
නොසැලෙන චන්දා සවියේ
මිරිගුව දැක දැක දිය බිදු පතරින්
නාඩන් කින්නරාවියේ

තනිවුනු බිලිදුගෙ සිහිනය සැතපී
කිරිකඳුලක් වෙන්නම්
සරතැස නිවනා පවනක් විලසින්
යන මග සෙවනක් වී ඉන්නම්

පෙමක මිහිරි සුව කීවත් උඩුසිත
අරමුණ ඈතක බැඳුනා
යසෝදරාවකි නුඹ මට ලඳුනේ
සසර පුරා ළඟ හිඳිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irabatu Tharuwata Igi Bigi Kara Kara Song Lyrics - ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර ගීතයේ පද පෙළ Irabatu Tharuwata Igi Bigi Kara Kara Song Lyrics - ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment