Eshya Song Lyrics - ඒෂ්යා ගීතයේ පද පෙළ

Eshya Song Lyrics - ඒෂ්යා ගීතයේ පද පෙළ
Song Title : Eshya (ඒෂ්යා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


හද අවුලන වැකි වදන් ලියූ
පුංචි පුංචි කඩදාසි කැබලි ලිපි
මැලවී වියළුණු ජෙරේනියම් මල
විතරද මා හට ඉතිරිවුණේ
කොහේද අද නුඹ ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....

මිටියාවත වැද ඕක් ගසේ සෙවණේ
කැලෑ රෝස මල් පිපී වැනේ තවමත්
ඔබ මා දෙනුවන් හඳුනාගත්
රයින් නදිය ඉවුරේ
ඈෂ් ගසේ තද කොළ පැහැ කොළ අතරින්
දෙව් මව් පිළිරුව බලා සිටී
එදා වගේ දුක්බර දෑසින්

ඔබ පිළිරූ නිරතුරු මා පසු පස එයි
ඉරී ගිය පෙමින් බැලුම් හෙළූ
අනුපමේය නෙතු යුග නිවි නිවි දැල්වෙයි
ජෙරේනියම් මල මට දුන් මුදු අත
දිරා ගිහින්දෝ සොහොන් ගැබේ
ඔබ කොහේද අද ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eshya Song Lyrics - ඒෂ්යා ගීතයේ පද පෙළ Eshya Song Lyrics - ඒෂ්යා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment