කුකුල් මස් මිරිස් බැදුම (Kukul Mas Miris Baduma)

කුකුල් මස් මිරිස් බැදුම (Kukul Mas Miris Baduma) - Your Choice Way

හැමදාමත් එකම රසට චිකන් කාලා ඇති වෙලා නේද  🤔 එහෙනම් අපි වෙනස්ම රසයකට චිකන් බැදුමක් හදමු නේද 😍 දුන්තෙල් බතට,කහ බතට වගේම කටගැස්මටත් කදිමට ගැලපෙනවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 කුකුල් මස් 500g ක් පමණ (චිකන් බ්‍රෙස්ට් ගන්නවා නම් තමයි වඩා හොඳ.)
  • 🍁 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  • 🍁 සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩියක් 
  • 🍁 තලාගත් සුදුළූනු බික් 3ක්
  • 🍁 තලාගත් ඉඟුරු කැබැල්ලක් 
  • 🍁 දෙහි ගෙඩියක යුශ 
  • 🍁 කරපිංචා කොල ටිකක් 
  • 🍁 උලුප්පා ගත් පොල් කුඩා කැබලි වලට කපා කෝප්ප කාලක්
  • 🍁 තෙල් මේස හැඳි 2 ක්
  • 🍁 රස අනුව ලුණු
⭕ තුනපහ මිශ්‍රණය සඳහා 
  • 🍁 කොත්තමල්ලි ඇට තේ හැඳි 3 ක්
  • 🍁 වියලි මිරිස් කරල් 10ක්
  • 🍁 ගම්මිරිස් ඇට 10 ක්
  • 🍁 කහකුඩු තේ හැඳි කාලක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ කුකුල් මස් කුඩා කැබලි වලට කපා සෝදා ගන්න.
  2. ♨️ පහේ ටික කබලේ බැද කුඩුකර ගන්න.
  3. ♨️ දැන් භාජනයක් ගෙන එයට සෝදා ගත් කුකුල් මස්, කුඩුකර ගත් තුනපහ , දෙහි යුශ , ලුනු, කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර සීසන් වෙන්න පැය බාගයක් පමණ තබන්න . ඊට වැඩි වෙලාවක් තිබුනත් කමක් නැහැ.
  4. ♨️ පසුව පෑන් එකක් ලිප තබා තෙල් මේස හැඳි 2 ක් දමා රත් කර තලාගත් ඉඟුරු , සුදුළූනු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.
  5. ♨️ පසුව එයට කරපිංචා එක් කරන්න.
  6. ♨️ දැන් සිහින්ව ලියාගත් බී ලූනු ටික ද එකතු කරන්න.
  7. ♨️ පසුව එයටම කපාගත් පොල් කැබලි එකතු කරමින් හොඳින් තෙම්පරාදු කරන්න.
  8. ♨️ දැන් එයට සීසන් කරගත් කුකුල් මස් එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි 3 ක් සාමාන්‍ය ගින්දරේ පිසින්න.
  9. ♨️ පසුව ලිපේ ගින්දර අඩුකර පියනකින් වසා වරින් වර මිශ්‍ර කරමින්  විනාඩි 20ක් පිස ගන්න. ඉතාම අඩු ගින්දරේ පිස ගන්න , අමතක නොකර වරින්වර මිශ්‍ර කරන්න .නැත්නම් තුනපහ ටික පිච්චිලා තිත්ත රසක් එන්න පුළුවන් . ගින්දර පාලනය තමයි මේකෙදි ඉතාම වැදගත් වෙන්නෙ.
  10. ♨️ විනාඩි 20 කට පසුව පියන ඉවත් කර තව වතුර ගතිය තියෙනවා නම් , ගින්දර වැඩිකර වතුර ගතිය සිඳෙන තුරු පිස ගන්න.
  11. ♨️ ඔයාලට මේක සරසා ගන්න ඕනෙ නම් වෙනම පෑන් එකකට තෙල් ටිකක් දමා රත් වන විට පොල් කැබලි ටිකක් දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න . එම තෙල් ටිකටම කරපිංචා ටිකක් එකතු කර බැද ගෙන කුකුල් මස් එක උඩින් දමන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
කුකුල් මස් මිරිස් බැදුම (Kukul Mas Miris Baduma) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුකුල් මස් මිරිස් බැදුම (Kukul Mas Miris Baduma) කුකුල් මස් මිරිස් බැදුම (Kukul Mas Miris Baduma) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment