Diwya Loke Lagayi Song Lyrics - දිව්‍ය ලෝකේ ළඟයි ගීතයේ පද පෙළ

Diwya Loke Lagayi Song Lyrics - දිව්‍ය ලෝකේ ළඟයි ගීතයේ පද පෙළ
Song Title : Diwya Loke Lagayi (දිව්‍ය ලෝකේ ළඟයි)
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි සහ ටයිටස් සී. පෙරේරා
පද : ආනන්ද එස්. විජයසිරි
සංගීතය : එමිල් මෙන්ඩිස් (හින්දි ගීයක ආභාෂය ලබා ඇති බව පෙනේ)
නාට්‍යය : දෙව්ලොව යනකන්
මේ ගීය නිර්මානයේදී හින්දි ගී තනුවක ආභාෂය ගත් බව පේනවා. එහෙත් එම හින්දි ගීතය එනම් 1954 දී භාරතයේ තිරගතවූ "Meenar" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mehandi lagi thi mere haath" යන ගීයේ සංගීත අධ්‍යක්ෂණය කළ සී. රාමචන්ද්‍ර නිර්මාණය කළා ද යන සැකයක් සිතේ ජනිත වේ. මන්ද, මෙය ප්‍රකට සංගීත නාද මාලාවක් වන බැවිනි. ප්‍රමාණවත් තොරතුරු මේ වන විට මා සතුව නැත. ගවේශනය කරමින් සිටිමි. තහවුරු කර ගත හැකි සාක්ෂ්‍ය සමගින්, ඒ විස්තර මතුවට ගෙන එමි."Mehandi lagi thi mere haath" යන ගීයේ තනුවට නිමවූ සිංහල චිත්‍රපටි ගී දකෙක් තියෙනවා. ඒ 1956 දී "දෙෙව විපාකය" චිත්‍රපටියට මේබල් බ්ලයිත් ගායනා කළ, "දෙව් ලොවේ මහා සභාවේ" නම් ගීය හා "දොස්තර" චිත්‍රපටියට රුක්මණී දේවි ගැයූ "පෙම් සාගරේ" යන ගීය.  "දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ" ගීය නිර්මාණයේදී "Mehandi lagi thi mere haath" යන ගීයේ තනුවෙහි ආභාෂය ලබා ඇති බව පේනවා.


දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ //
කිම්ද සංකා සිතේ මේ විලාසේ //

චන්දනාදී උයන් භෘංග සේනා නදින් //
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ //

නෛක ශ්‍රීනී සුරන් රංග නාදේ
පංච මධුරී භොජුන් වර්ණ විහිදේ //
දේසෙ අරුම පුදුම කියන වරුණ අසන මෙම ට යන්ට හිතය
දුක්ඛ දෙවා වුව ශරීරේ
දුක්ඛ දෙවා වුව ශරීරේ

චන්දනාදී උයන් භෘංග සේනා නදින් //
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ //

චිත්ත ධෛරී වඩන් පුතුනි මාගේ
මන්ද යන්ටා එලෝ මේ ප්‍රමාදේ //

තාම යමිය යමිය එපුර ගමන බොහොම බොහොම දුරය එමග
සංකා සිතී යාද ප්‍රා‍ණේ
සංකා සිතී යාද ප්‍රා‍ණේ

දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ //
කිම්ද සංකා සිතේ මේ විලාසේ //

චන්දනාදී උයන් භෘංග සේනා නදින් //
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diwya Loke Lagayi Song Lyrics - දිව්‍ය ලෝකේ ළඟයි ගීතයේ පද පෙළ Diwya Loke Lagayi Song Lyrics - දිව්‍ය ලෝකේ ළඟයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment