ශාපලත් යක්ෂයාගේ මහල (Building)

ශාපලත් යක්ෂයාගේ මහල (Building) - Your Choice Way

O/L විභාගයෙන් පසු ලැබුණු නිවාඩු කාලය තුළ.මට සිතුනා කුමක් හෝ රැකියාවක් යෙදිලා යම් කිසි මුදලක් හොයාගන්න.ඒ හේතුවෙන් මම ගෙවල් ළඟ ඇති ඇගලුම් කර්මාන්තයක සේවයට ගියෙමි.embrotex නමින් හඳුන්වන එම කර්මාන්ත ශාලාවේ ඉඩම මුල් අවධියේ අපට අයිති ඉඩමකි.එම හේතුවෙන් එම කර්මාන්ත ශාලා හිමියන් ඇතුළු සියල්ල ම රැකියාවට යාමට පෙර සිටම දැන හඳුනගෙන සිටිමි.එම හේතුවෙන් එම අගලුම් කර්මාන්ත ශාලාව තුළ මට සේවය කිරීම ඉතාමත් පහසු විය.නමුත් මෙම සේවා ආයතනය තුළ.එක් සතියක උදේ හතේ සිට රාත්‍රිය 7 තෙක්.අනිත් සතියේ රාත්‍රි 7 සිට උදෑසන 7 තෙක් සේවය කළ යුතු වේ.ටික කාලයක් සාමාන්‍ය පරිදි කාලය ගත විය.එම කාලය තුළ මට දැන ගැනීමට හැකි වූ දෙයක් නම් මෙම කර්මාන්ත ශාලාවේ දෙවැනි මහලේ තුළ අවතාරයක් ඇති බවත්ය.එමෙන්ම යම් යම් අවස්ථාවල දී යම් පුද්ගලයන් මෙම අවතාර දැක ඇති බව ය. නමුත් ඒ දේවල් අසන විට මට සිනහ පහළ විය.අපේ සීයා කිව්ව කතාව මට සිහි විය.හොල්මන් යනු සෙලවෙන සිතය.මම ඔවුන්ට ද පැවසුවෙමි.මට හරියටම මතකයි එදා සෙනසුරාදා දවසක්.වැහි කාලගුණ තත්ත්වයක් තිබූ හේතුවෙන් එදා සේවයට පැමිණියේය ස්වල්ප දෙනෙකි.රාත්‍රී ආහාරයෙන් පසු නැවතත් රාත්‍රී දොළහට විවේක කාලයක් ලබා දෙයි.එම කාලය තුළ අපි බිස්කට් කා තේ බි කාලය ගත කරයි.අපි ආහාර ගන්නා කාමරේ දෙවැනි මහලේ පිහිටා තිබිණි.එදා දවසට පෙර දවසේ සේම බිස්කට් කා තේ බී.නැවත පහත මහලේ සේවා ස්ථානයට පැමිණියෙමි.ටික වෙලාවක් යද්දි මට පිපාසයක් ඇති විය.මා සෑම තැනම වතුර බෝතලේ සෙව්වෙමි.එවිට මගේ යාළුවෙක් කිව්වා වතුර බෝතලේ ඇත්තේ දෙවැනි මහලේ බවත් එය රැගෙන ඒමට අමතක වූ බවත් ය.මා සියල්ලන්ටම එය රැගෙන ඒමට කිව් නමුත් ඔහු සියල්ල ම එය ප්‍රතික්ෂේප කළේය.ඒ තනියම යාමට ඇති බිය නිසා වෙනි.මං ඒ සියල්ලට බැණ වැද.මන් වතුර බෝතලේ ගෙන ඒමට ගියෙමි.උඩමාලයට ගිය පසු විදුලි පහන් එකිනෙකට දමා අවශ්‍ය කරන කාමරයට පැමිණියේ ය.මේස මත ඇති වතුර බෝතලය අතට ගද්දි යම්කිසි ගැහැණු කටහඬක් මට ඇසුනි.එවිට නම් යම්කිසි චකිතයක් මගේ සිතේ ඇති විය.මොකද රාත්‍රී සේවයේ දී කාන්තාවන්ට වැඩ කිරීම තහනම්.ටික මොහොතක් ගතවෙද්දී සද්දේ අඩාල වූ බැවින් මා සිතට

ධෛර්යය රැගෙන ඉදිරියට ගමන් කළෙමි.ටික දුරක් එසේ ගමන් කරද්දී මා පිටුපසින් කවුරුන් හෝ පැමිණෙන බව මට හැඟිණි.මා ගමන නවතා පිටුපස හැරී බැලූ නමුත් කිසිවකු නොමැත.මා නැවත ගමන ආරම්භ කරද්දි නැවතත් මා පිටුපසින් කවුරුන්දෝ ගමන් කරන්නා බව මට හොඳටම දැනෙයි.මා නැවත නැවතී.පිටුපස බලද්දි මට දෙවියන් සිහිවිය.මදිති

ඇට මෙන් රතු සහ ගිනි බෝල මෙන් විශාල දෙනෙත් යුතු.කොන්ඩෙ නොපිරූ,කොණ්ඩය අවුල් සහගත වූ කලුම කලු භයානක යුවතියක් දුටු වෙමි.මා කොච්චර බියට පත් වුණා ද කිවහොත්.මට කෑ ගැසීමට පවා නොහැකි විය.මා මුඛයෙන් වචන පිට නොවී ය.දිවීමට කියා ඇවිදීමට වත් නොහැකි විය.මගේ කකුල් දෙක පන නැති විය.දෙවැනි මහලේ සිට පාලවෙනි මහල දක්වා ඇවිදීමට ඇති පඩි පෙල දිගේ බිමට ඇද වැටිණි.බිමට ඇද වැටුණු පසු නැවතත් මා නැගිට සේවා කාමරයට දිව ගියෙමි.නමුත් මා යාලුවන්ට එය පවසන්නේ කෙසේද .එය මට ලැජ්ජා සහගත දෙයකි.මා කිසිවෙකුටත් එය පැවසුවේ නැත.නමුත් ඒ වන විට මා දහඩියෙන් නෑවී හමාරය.මාව වෙව්ලයි එය මටද දැනේ.මා දුටු මාගේ මිත්‍රයකු මා සමීපයට පැමිණ මා හොලවද්දි තමා මම පියවි සිහියට පැමිණියේ.මා දුටු සියල්ල සිදු වූ දේ සියල්ල තේරුම් අරගෙන තිබුණි.ඔවුන්ට එය පුරුදු

ජවනිකාවකි.මොකද මෙවැනි සිදුවීම් සියල්ල ඇසින් දුටු ඒ නිසාවෙනි.ඔවුන් මාගේ නිවසට දුරකථන ඇමතුමක් දී සිදු වූ දේ පවසා මා නිවසට රැගෙන ගියේය.ඉනෙන් පහළ කොටස පණ නැති විය.ඇවිදීමට නොහැකි විය.ගෙදර ගිය පසු ඊළඟ දවසේ අපේ ගෙවල් ළඟ ඇති දේවාලයකට මා රැගෙන ගියේ ය.කපු මහත්තයට සියල්ල පවසා මට දෙහි කපා නුලක් අතේ ගැට ගැසූවත් මට කිසි සුවයක් නොමැති විය.මට තවමත් ඇවිදීමට නොහැකි විය.මුලු ඇඟම ගැහෙයි.පසුව තේවත්ත පල්ලියේ පියතුමකු ළඟට ගෙන ගිය මාගේ මෑනියන් පියතුමාට සියල්ල පවසන ලදි.පසුව පියතුමාගේ මෙසේ උඩ තිබූ විශාල කුරුසයක් රැගෙන මගේ හිස මත තබා යාච්ඤා කිරීම ආරම්භ කළේ.

විනාඩි කිහිපයක් තුළ මා සිහිසුන්ව බිමට ඇද වැටිණි.මා පියව් සිහියට පැමිණි විට මා තුළ තිබූ ඒ බියජනක හැඟීම් සියල්ල මගහැර ගොස් තිබුණි.සියල්ලන්ම පුදුම කරමින් මා හට ඇවිදීමට හැකි විය.පල්ලියේ පියතුමන් ආශිර්වාද කළ දී ජේසු මාලයක් මා ගෙලේ පළඳා.අශිර්වාද කර.නැවත කිසිම දේකට බය නොවෙන්න කියා පවසා.යන්න කීවේය.අපි පියතුමාගෙන් සමුගෙන ගෙදර ආවේ ඉමහත් සිත් සතුටෙනි.මා නැවත එම කර්මාන්ත ශාලාවට ගියේ නැත.මා මුහුන දුන් මෙම අද්දැකීම මට කිසිදා අමතක කරන්නද..?????......(නිමි)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශාපලත් යක්ෂයාගේ මහල (Building) ශාපලත් යක්ෂයාගේ මහල (Building) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment