Your Choice Way

Alawadana Suwada Saban Song Lyrics - ආල වඩන සුවඳ සබන් ගීතයේ පද පෙළ

Alawadana Suwada Saban Song Lyrics - ආල වඩන සුවඳ සබන් ගීතයේ පද පෙළ
Song Title : Alawadana Suwada Saban (ආල වඩන සුවඳ සබන්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ආල වඩන සුවඳ සබන් තනන ලියේ
මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ
දෑල ගලන දාඩිය උල්පත සරියේ
ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ

මීරි තෙපුල් නැති දත උල් තුන් කුදයේ
හීන් සැරේ කුර ගා ගෙට ඇදෙන්නියේ
දූලි වැනසු බාල බිළිඳු වඩින්නියේ
බාල සබන් උලා දියෙන් දොවන්නියේ

ආල වඩන සුවඳ සබන් තනන ලියේ
මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ
දෑල ගලන දාඩිය උල්පත සරියේ
ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ

සීත සඳුන් සුවඳ සබන් තනන්නියේ
නානු නොගා ළැම ගෝමර තවන්නියේ
සාර සියක් මල් නෙළුවත් මහන්සියේ
රේණු සුවද හිමි නැති දේවතාවියේ

ආල වඩන සුවඳ සබන් තනන ලියේ
මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ
දෑල ගලන දාඩිය උල්පත සරියේ
ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alawadana Suwada Saban Song Lyrics - ආල වඩන සුවඳ සබන් ගීතයේ පද පෙළ Alawadana Suwada Saban Song Lyrics - ආල වඩන සුවඳ සබන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment