Ahase Liyuwath Song Lyrics - අහසේ ලියුවත් ගීතයේ පද පෙළ

Ahase Liyuwath Song Lyrics - අහසේ ලියුවත් ගීතයේ පද පෙළ
Song Title : Ahase Liyuwath (අහසේ ලියුවත්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්
පුවත අපේ පෙම්

අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්
පුවත අපේ පෙම්

ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතෙහි
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගේම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ

මුව පියුමේ උතුරන සීනේ
මම නිරතුරු රැදෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී
මතු ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවී

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට ඇස්‌ වැල් පටලා
දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahase Liyuwath Song Lyrics - අහසේ ලියුවත් ගීතයේ පද පෙළ Ahase Liyuwath Song Lyrics - අහසේ ලියුවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2022 Rating: 5

0 comments:

Post a Comment