Wahilihini Song Lyrics - වැහිළිහිණී ගීතයේ පද පෙළ

Wahilihini Song Lyrics - වැහිළිහිණී ගීතයේ පද පෙළ
Song Title : Wahilihini (වැහිළිහිණී)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද : පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමි
තනුව : විශාරද ගුණදාස කපුගේ
කපුගේ ගැයූ අවසන් ගීයයි මේ.


වැහිළිහිණී
වැහිළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී
දරු පැටව් කුසගින්නේ
අපි නියං සායට අසුවෙලා
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී

බොල් පොළව මුඩුබා ගිහින්
වපුල බිජුවට අහිමි
වෙල් එළිය වියළිලා
හිතේ ගින්දර පමණි

වැහිළිහිණී
වැහිළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී

තොල් පොඟාලන්නට තරම් තව
කොහෙද දිය කඳුරු
වැහි වලාහක දෙවියනේ ඇයි
මේ තරම් කුරිරූ

වැහිළිහිණී
වැහිළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahilihini Song Lyrics - වැහිළිහිණී ගීතයේ පද පෙළ Wahilihini Song Lyrics - වැහිළිහිණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment