Suba Prarthana Kiyaman Song Lyrics - සුභ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ

Suba Prarthana Kiyaman Song Lyrics - සුභ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ
Song Title : Suba Prarthana Kiyaman (සුභ ප්‍රාර්ථනා කියමන්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ


සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ
සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා

මා ඈ කර මාල බඳින්නේ
ඔබෙ නෙත් තරු සැලී දිළෙන්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබෙ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ
පෝරුව දෙදරයි

සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා

මධුසමයට මඟට බහින්නේ
ඔබෙ නෙත් පෙර මඟ හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා
ඇයි මට කීවේ

සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා කියමන්
සුභ ප්‍රාර්ථනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suba Prarthana Kiyaman Song Lyrics - සුභ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ Suba Prarthana Kiyaman Song Lyrics - සුභ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment