Sondura Numba Lihiniyaka Song Lyrics - සොඳුර නුඹ ලිහිණියක ගීතයේ පද පෙළ

Sondura Numba Lihiniyaka Song Lyrics - සොඳුර නුඹ ලිහිණියක ගීතයේ පද පෙළ
Song Title : Sondura Numba Lihiniyaka (සොඳුර නුඹ ලිහිණියක)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬණ
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණු තටු පිරි මදින

අහිංසක අප දෙදෙන
තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල
හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ‍

සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬණ
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණු තටු පිරි මදින

කටුක දුක් විරහ මැද
අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු
අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට
අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ
කුරුල්ලන් වී දිනෙක

සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬණ
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණු තටු පිරි මදින

මෙම ගී තනුවටම ගැයෙන වෙනත් පද වැලක් කපුගේ තම කම්පන ප්‍රසංගයට ඇතුළත් කළා. සැබැවින්ම දර්ශන මේදිස් විසින් ඔහුගේ "කඳුළු මිටියාවත" කෘතියට ලියූ කවි පන්තියක කවි කිහිපයකිනුයි ඒ ගීය ගෙතුනේ. "සබඳ අපි කඳු නොවෙමු" නම් ඒ ගීය අහන්න.
මෙන්න දර්ශන මේදිස් විසින් 1992 දී රචනා කළ ඒ සම්පූර්ණ කවි පෙළ.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත කොස් නැදුන් වෙමු
උනට එ සවිය නොහෙන

පිදුරු පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අළුත් ගෙපැලක් බඳින

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sondura Numba Lihiniyaka Song Lyrics - සොඳුර නුඹ ලිහිණියක ගීතයේ පද පෙළ Sondura Numba Lihiniyaka Song Lyrics - සොඳුර නුඹ ලිහිණියක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment