Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සින්දු කියන ගීතයේ පද පෙළ

Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සින්දු කියන ගීතයේ පද පෙළ
Song Title : Sinhala Sindu Kiyana (සිංහල සින්දු කියන)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ
මේ ගීය රත්න ශ්‍රී අතින් රචනා වීමට හේතු වූයේ දයාසේන ගුණසිංහ මහත්මයාගේ “සිව්දෙස” සඟරාවේ පලවූ ලිපියකි.


සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී //

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්‌ අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුණ සුරූපී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුණ විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සින්දු කියන ගීතයේ පද පෙළ Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සින්දු කියන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment