Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ

Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ
Song Title : Nokiyama Eda Asala Mahe (නොකියාම එදා ඇසළ මහේ)
ගායනය : වසන්තා සන්දනායක
ගී පද : මර්වින් සේනාරත්න


නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //

නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //

මේ මාළිගයේ...
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා

නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා

සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //

ගලවාල දමා...
ගලවාල දමා කණකර අබරණ හැම දාක
වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න

නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2022 Rating: 5

0 comments:

Post a Comment