ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya)

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ කුරුණෑගල ඇතුගල කන්ද ගැන..

බැලූ බැල්මට කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයෙකු මෙන් පෙනෙන අඩි 476ක් උසැති මෙම පර්වත රාජයා කුරුණෑගල නගරය මැද අක්කර 157ක භූමි භාගයක් යටකර ගෙන සිටිනවා....

නගරය මැදින් ඇතුගල මුදුනට යනතෙක්ම තාර දැමූ මාර්ගයක් සකසා තිබෙන නිසා ඕනෑම වාහනයකට එය මතට පහසුවෙන් ගමන් කරන්නට පුළුවන්.

 වැවට මුහුණ ලා පිහිටි පර්වතය මත මෑතක දී විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. 

2003 දී සංවර්ධන සමිතිය විසින් ඉදිකරන්නට යෙදුණු හස්තිශෛලපුර ප්‍රතිමාවේ උස අඩි 66ක්. 

ගොඩක් අය මෙතනට ගිහින් ඇතිනේද අද අපි කියන්නේ මේ කන්ද හා බැදි ජනප්‍රවාදයක් ගැන..

මින් බොහෝදුරට ජනප්‍රවාදයේ එන්නේ වත්හිමි කුමාර හෙවත් ගලේබණ්ඩාර පුවතයි.

මෙම පුවත අනුව කුරුණෑගල රජකම් කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජු කුරුණෑගලට නොදුරු දැනට මුස්ලිම්වරු පදිංචි ඇස්වැද්දුම ගමේ සුරූපී රූමත් මුස්ලිම් ජාතික තරුණියක් සරණපාවා ගෙන තියෙනවා..

එම මුස්ලිම් කාන්තාවට උපන් කුමරු වත්හිමි නමින් ප්‍රකට විය.

වත්හිමි කුමරුට රජකම ලබාදීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වූ නමුත් රජකම ලබාගැනීමට නොහැකිවූයෙන් රජුගෙන් මැරුම්කෑමට සිදුවුණා...

රජුට නොකැමැත්තෙන් සිටි දඹදෙණියේ ඉන්ද්‍රජෝති හිමි හා දෙනගම ඇමැතිවරයා ප්‍රමුඛ සිංහල බෞද්ධයෝ තම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට කුමන්ත්‍රණයක් කරලා තියෙනවා...

එකී කුමන්ත්‍රණය අනුව කුරුණෑගල රන්තලිය වැවේ පාවෙන රන් සෙම්බුව ගැනීමට නම් ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් සාදා දින හතක් පිරිත් දේශනා කළ යුතු බවත්, වැවේ සිට පිරිත් මණ්ඩපය දක්වා නූලක් ඇද රජතුමා එම නූල අල්ලාගෙන පිරිත් ඇසිය යුතු බවත් රජුට දැන්වූවා...

මෙයට එකඟ වූ රජු ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් ඉදිකොට හත්දින පිරිත ඇරඹීය..

විශේෂයෙන් ඉදිකරන ලද අසුනක ඉඳගෙන රජතුමා පිරිත් අසන්නට වුණා...

මෙම අසුන උගුලක් බව රජු දැන සිටියේ නැහැ..

කුමන්ත්‍රණකරුවන් උගුල ගස්වනවාත් සමඟ පිරිත් අසමින් සිටි රජු ඇතුගලින් පහළට පෙරළී ජීවිතක්ෂයට පත්වුණා... 

මෙසේ ජීවිතක්ෂයට පත්වූ රජු ඒ වෙලාවෙම දෙවියෙකු බවට පත්විය. 

අද ඇතුගල්පුර අරක්ගෙන සිටින තෙද බලැති දෙවියෙකු ලෙස සලකන ග‍ෙල්බණ්ඩාර මේ දෙවි බවයි කියවෙන්නේ...

රජු ඇතුගලින් පෙරළෙනවාත් සමඟම එම ස්ථානය අසල කැත්තකින් කැලේ කපමින් සිටි මිනිසෙකුට දෙවියෙකු බවට පත්වූ වත්හිමි කුමරා ආරූඪ විය. 

අද ගලේබණ්ඩාර දෙවියන්ගේ සුරතෙහි ඇති අවිය කැත්ත වී ඇත්තේ එහෙයිනි. 

ගලේබණ්ඩාර දෙවියන්ට කැපවූ දේවාල දෙකක් කුරුණෑගල තිබේ. මෙයින් ප්‍රධාන දේවාලය ඇතුගල පාමුල ඇති ඇත්කඳ රජමහා විහාරය අසල ද අනෙක වත්හිමි මාව‍ෙත් ද වෙනවා...

මේ වගේ ජනප්‍රවාදයෙන් ද මේ භූමියේ පවතින බවයි සදහන් වෙන්නේ... ❤️

Athugala Viharaya

Today we are going to talk about Athugala Kanda in Kurunegala ..

At 476 feet tall, this rock king looks like a giant elephant king who stands up to protect the city of Kurunegala and occupies 157 acres of land in the middle of the city of Kurunegala ....

There is a tarred road from the center of the city to the top of Athugala, making it easy for any vehicle to get on.

 A large seated Buddha statue has recently been erected on the rock facing the lake.

The height of the statue is 66 feet and was built by the Development Society in 2003.

A lot of people have been here and today we are talking about a folklore associated with this mountain ..

Most of these folklores come from Waththimi Kumara alias Galebandara.

According to this news, King Panditha Parakramabahu who ruled Kurunegala has married a beautiful Muslim girl in the village of Aswedduma which is now inhabited by Muslims not far from Kurunegala.

The prince born to that Muslim woman became known as Wathhimi.

Many people offered to give the kingship to the Waththimi prince but as they could not get the kingship the king had to be killed ...

Ven.

According to the conspiracy, the king was informed that in order to get the gold ore floating in the Rantaliya tank in Kurunegala, a Pirith pavilion had to be built on the top of Athugala and Pirith had to be preached for seven days.

The king agreed and built a pirith pavilion on top of Athugala and started the seven day pirith.

The King sat on a specially constructed seat and listened to the Pirith ...

The king did not know that this seat was a trap.

As the conspirators set the trap, the king who was listening to the pirith fell down from the elephant and died ...

The deceased king immediately became a god.

It is said that this deity is Galelbandara who is considered to be the three powerful gods who occupy Athugalpura today ...

As soon as the king was overthrown, the estate prince became a god to a man who was cutting down a jungle near the place.

That is why the weapon in the hands of the god Galebandara is sharpened today.

There are two temples in Kurunegala dedicated to God Galebandara. This takes place near the Ethkanda Rajamaha Viharaya at the foot of the main Devalaya Athugala and on the other estate road ...

It is said that such a legend exists in this land too ...❤️

පින්තූර Travel_For_education 🙏
ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way

ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) ඇතුගල කන්දේ - ජනප්‍රවාදයන් ❤️🌳🙏🏻 (Athugala Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2022 Rating: 5

0 comments:

Post a Comment