Miriwadi Sangalak Song Lyrics - මිරිවැඩි සඟළක් ගීතයේ පද පෙළ

Miriwadi Sangalak Song Lyrics - මිරිවැඩි සඟළක් ගීතයේ පද පෙළ
Song Title : Miriwadi Sangalak (මිරිවැඩි සඟළක්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : දයානන්ද රත්නායක
තනුව : විශාරද ගුණදාස කපුගේ


මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි
පා යුග නැතිවුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

ගත සරසන්නට සළු පිළි කුමටද
වැරහැලි නැතිවුන් වෙසෙන රටේ //
සව්දිය පුරණට මධු විත කුමටද
දහසක් මව්වරු
දරුවන් ඉල්ලා අඬන රටේ

මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි
පා යුග නැතිවුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

බණක් අසන්නට පන්සල් කුමටද
වැදිබණ කියනා මෙහෙව් රටේ //
අඳ ගොළු බිහිරන් වී කුමටද අපි
ඔළුවක් නැතිවුන් වෙසෙනා මෙහෙව් රටේ

මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි
පා යුග නැතිවුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

ඉඳුල් බතට පොර වදින රටේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miriwadi Sangalak Song Lyrics - මිරිවැඩි සඟළක් ගීතයේ පද පෙළ Miriwadi Sangalak Song Lyrics - මිරිවැඩි සඟළක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2022 Rating: 5

0 comments:

Post a Comment