Hamana Sulange Song Lyrics - හමනා සුලඟේ ගීතයේ පද පෙළ

Hamana Sulange Song Lyrics - හමනා සුලඟේ ගීතයේ පද පෙළ
Song Title : Hamana Sulange (හමනා සුලඟේ)
ගායනය : අජිත් බණ්ඩාර
සංගීතය : නිශාන් කුමාරසිංහ
පද රචනය : අසංක වික්‍රමසිරි


හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා

උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා
උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා
අහිමි සෙනෙහස අරුමය මා කොතරම් සෙව්වත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ මිරිඟු මහ සාගරේ

හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්
හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්
අරුත නොපෙනෙන මිරිඟු සාගරේ කිමිදුනත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamana Sulange Song Lyrics - හමනා සුලඟේ ගීතයේ පද පෙළ Hamana Sulange Song Lyrics - හමනා සුලඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2022 Rating: 5

0 comments:

Post a Comment