Mama Kamathi Nanata Song Lyrics - මම කැමතියි නෑනට ගීතයේ පද පෙළ

Mama Kamathi Nanata Song Lyrics - මම කැමතියි නෑනට ගීතයේ පද පෙළ
Song Title : Mama Kamathi Nanata (මම කැමතියි නෑනට)
නව ගායනය : සහන් ජයශාන්ත
(මුල් ගායනය සහ ගී පද : එම්. වී ගුණදාස)


ජයමංගල ගී තාලෙට
පිඹ පිඹ බටදඬු නලා
ජයපැන් බොන සෙබල රැලක්
විලසට හඩ තල තලා

රසකර මම පවසන්නෙමි
මිණි කිංකිණි සොලවලා
අසනු මැනවි අසනු මැනවි
අසනු මැනවි තුටුවෙලා

පරයන ඉඳුනිල් කැට
දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද
නෑනගෙ එක බැල්මට

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

මැල්ලුමකට වෙල් පළා
නෙලන්න සිහිනිඟ සලා
යන විට රණ මොණරි වගේ
මගෙ හද කුල්මත් කළා

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

පොත්ටික තුරුලට අරන්
මුව මදහස රැලි පෙරන්
පාසල් යන දෙවැට දිගේ
නෑනා මගෙ රත්තරන්

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

අඩසඳ වන් නළලතේ
චන්දන තිළකය ඇතේ
සිකිපිල වැනි වැනි කෙස් කළඹද
කිතුල් රෑන පැරදෙතේ

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

මුහුදෙහි රළ පෙල ගැසී
ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට
ආසිරි මල් වැසි වසියි

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

නහැඹුල් හද කිතිකැවී
නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න
එනවද මධු මාධවී

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

ඔබෙන් ලැබෙන තොත්තුවේ
රසයට හද පත්තුවේ
කිරි පැණියි වගේ ඉන්න
එන්වද මගෙ වස්තුවේ

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

කරදර බාධක මැද්දේ
දිවි ගඟ පහලට ඇද්දේ
ගල් පර දැක පෙරමුණේ
මොන නදිය ද නැවතුනේ

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

හසරැලි නැත්තම් මුහුණේ
සිතුවිලි ලස්සන ද නැතේ
වේදනාව නැති ලොවේ
ජීවිත රසවත් නොවේ

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට //

ගන්නට ඔබ වාඩුවක්
නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක්
වෙමුද පරවි ජෝඩුවක්

මම කැමතියි නෑනට
නෑනා කැමති නෑ මට ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Kamathi Nanata Song Lyrics - මම කැමතියි නෑනට ගීතයේ පද පෙළ Mama Kamathi Nanata Song Lyrics - මම කැමතියි නෑනට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment