Dura Kadu Yaya Matayi Song Lyrics - දුර කඳු යාය මටයි ගීතයේ පද පෙළ

Dura Kadu Yaya Matayi Song Lyrics - දුර කඳු යාය මටයි ගීතයේ පද පෙළ
Song Title : Dura Kadu Yaya Matayi (දුර කඳු යාය මටයි)
ගායනය : උපාලි රන්තිලක
තනුව : රෝහණ වීරසිංහ
පද : යමුනා මාලනී පෙරේරා


දුර කඳු යාය මටයි
නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි

බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ

දුර කඳු යාය මටයි
නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි

වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ

දුර කඳු යාය මටයි
නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Kadu Yaya Matayi Song Lyrics - දුර කඳු යාය මටයි ගීතයේ පද පෙළ Dura Kadu Yaya Matayi Song Lyrics - දුර කඳු යාය මටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment