Hithawathuni Ada Sudu Adan Enna Song Lyrics - හිතවතුනි අද සුදු ඇඳන් එන්න ගීතයේ පද පෙළ

Hithawathuni Ada Sudu Adan Enna Song Lyrics - හිතවතුනි අද සුදු ඇඳන් එන්න ගීතයේ පද පෙළ
Song Title : Hithawathuni Ada Sudu Adan Enna (හිතවතුනි අද සුදු ඇඳන් එන්න)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා


හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න

පාසලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේළියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්

හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න

මතක ගොප්කොළ රැහැන් අතරින්
යළි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලිය මල් මිටක්

හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithawathuni Ada Sudu Adan Enna Song Lyrics - හිතවතුනි අද සුදු ඇඳන් එන්න ගීතයේ පද පෙළ Hithawathuni Ada Sudu Adan Enna Song Lyrics - හිතවතුනි අද සුදු ඇඳන් එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment