ගනේගමදි සීයා දුටු අවතාර (Ganeegama)

ගනේගමදි සීයා දුටු අවතාර (Ganeegama) - Your Choice Way

මේක අපේ අක්ක මට කියපු සිරා කතාවක්. එක්දහස් නමසිය බර ගනන්වල, අපේ සීයට වෙච්ච සිරා සිද්ධියක්.අපේ සීය ගාල්ලෙ. සීයගෙ තරුණ කාලෙ තමා වෙලා තියෙන්නෙ.

සීය පිරිවෙනකට තමා ගිහිල්ල තියෙන්නෙ. අක්ක කියපු විදිහට 1930- 40 කාලෙ. පිරිවෙනේ හිටපු යාලුවෙක් නැතිවෙලා ගනේගම, අපේ සීය බලගොඩ.ගනේගම තියෙන්නෙ ගිං ගග පැත්තෙ. අර යාලුව නැති වෙලා තියෙන්නෙ නාන්න ගිහින්........

ඉස්සර මිනී දැන් කාලෙ වගේ එම්බාම් කරන්නෙ නෑනෙ, දවසක් විතර තියාගෙන වලදානවනෙ. වතුරට ගිහින් මැරුන මිනියක් ගැන කියන්න ඕන නෑනෙ, දැන් කාලෙ උනත් එම්බාම් කරල තියාගන්න අමාරුයි නෙ, ඉදිමෙනවනෙ. ඉතින් මිනීයට කරගහල සීයත්. මිනීයෙන් ඕජස් බේරෙනවලු. ඒවත් කරගහපු කට්ටියගෙ ඇගවල් වල ගෑවෙනවලු. සීයගෙ ඇගෙත් ගෑවිලා. එයා මිනීයෙ වැඩ ඉවර වෙලා වෙල් ෆැන්ට (කසිප්පු) ටිකකුත් යාලුවො එක්කම බීල රෑ වෙලා ගෙදර එන්න ඇවිත්.

ඒකාලෙ දැන් වගේ පාරවල් හොදට නෑනෙ යන්න තියෙන්නෙත් කැලෑ පාරවල් වලින්. ලන්තෑරුමකුත් සීයට යාලුවෙක් දීල. කොහොම හරි යන්න එපා කියද්දි තමා ගිහින් තියෙන්නෙ. දැන් කැලේ පාරෙන් වෙරි මරගාතෙ සැතපුමක් විතර යනකොට සීයට ඇහෙනවලු හරක් රංචුවක් යනව සීයට ඉස්සරහින්. ඒත් පේන්න නෑලු. යන්නෙත් ලොකු කන්දකලු.

මේ මහ රෑ මොන ### හරක්ද කියාගෙන සීයත් ඉස්සරහට යනවලු. තව ටිකක් යනකොට බල්ලො බුරනවලු එකසියගානට. සීයට වැඩේ තේරිලා හොල්මන් තමා කියල. ඒත් වෙරි නිසා ගනන් ගන්නෙ නැතුව ඇවිත්. බල්ලො පාර දෙපැත්තෙ ඉදන් ඇගට පනිනව පේනවලු ඒ පැත්ත හැරිල බලනකොට මොන බල්ලෙක්වත් නෑලු. සීයත් පාර දිගට ##### පල පල එනවලු.

ගෙවල්වලට ලගයිලු. තේ වත්තක් මැද්දෙන් එනකොට ඉස්සරහින් මිනිහෙක් යනවලු. යනව නෙමේ පාවෙනව වගේලු. ඒත් එක්කම ඌ උස යනවලු. සීයට තේරිලා වැඩේ දෙල් කියල. පහුවෙනිද තමා සීයව හම්බවෙලා තියෙන්නෙ තේ වත්තෙ මැද වැටිල ඉන්නකොට. කොහොම හරි තොවිලයක් නටලලු සනීප කරගෙන තියෙන්නෙ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගනේගමදි සීයා දුටු අවතාර (Ganeegama) ගනේගමදි සීයා දුටු අවතාර (Ganeegama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment