Awasana Premaye Song Lyrics - අවසාන ප්‍රේමයේ ගීතයේ පද පෙළ

Awasana Premaye Song Lyrics - අවසාන ප්‍රේමයේ ගීතයේ පද පෙළ
Song Title : Awasana Premaye (අවසාන ප්‍රේමයේ)
ගායනය : ඔෂානි සන්දීපා
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු


අවසාන ප්‍රේමයේ කඳුලේ
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
වරද මාගේ අතේ තිබුනේ
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලද ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

මතක සැමරුම් එකතුකරලා
පපුව ගැඹුරේ නිදන්කෙරුවා
වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ
මියැදෙයිද මා කඳුළු අතරේ

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලද ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

කඳුළු ගැරහුම තනිව විදලා
හිතට නුහුරුයි තනිව ඉදලා
ඔබම විතරයි ඇත්තෙ මනසේ
මියැදෙන්න බෑ සිහින අතරේ

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලද ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

අවසාන ප්‍රේමයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasana Premaye Song Lyrics - අවසාන ප්‍රේමයේ ගීතයේ පද පෙළ Awasana Premaye Song Lyrics - අවසාන ප්‍රේමයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2022 Rating: 5

0 comments:

Post a Comment