Wikasitha Hasarali Song Lyrics - විකසිත හසරැළි ගීතයේ පද පෙළ

Wikasitha Hasarali Song Lyrics - විකසිත හසරැළි ගීතයේ පද පෙළ
Song Title : Wikasitha Hasarali (විකසිත හසරැළි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුමාර කවිරාජ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


විකසිත හසරැළි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසසි
යාන්තමට වගෙ
හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම් //

ආල වදන් පිරි පෙම් පත් ලැබුණම
සෙනෙහස උතුරන හිත රිදවන්නට
පිළිතුරු නොලියා දින තුන හතරක් පමා කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

විකසිත හසරැළි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසසි
යාන්තමට වගෙ
හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

ගිවිසා ගත් සේ මං පැමිණෙන තුරු
නෙතු දල්වාගෙන බලාන ඉද්දී
ඔබ හමුවෙන්නට අඩ හෝරාවක් පමා වෙලා එන්නම්
හා හා තරහ වෙන්න තහනම්

විකසිත හසරැළි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසසි
යාන්තමට වගෙ
හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wikasitha Hasarali Song Lyrics - විකසිත හසරැළි ගීතයේ පද පෙළ Wikasitha Hasarali Song Lyrics - විකසිත හසරැළි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment