Nabara Pani Kirilliyan Song Lyrics - නාඹර පැණි කිරිල්ලියන් ගීතයේ පද පෙළ

Nabara Pani Kirilliyan Song Lyrics - නාඹර පැණි කිරිල්ලියන් ගීතයේ පද පෙළ
Song Title : Nabara Pani Kirilliyan (නාඹර පැණි කිරිල්ලියන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රවී සිරිවර්ධන
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


නාඹර පැණි කිරිල්ලියන් වැටෙන් එහා ඉගිළ ගියාවේ
හිමි සඳුගේ සිත නොසැළී පැලට එන්න ඇස් ලැබුණාවේ

ම්.. ම්ම්.. ම් ....

ළැම ගෝමර පෙති මැලවී නිදා වැටෙයි යානතේ
දෙලවන් මී බඳුන් සිඳී නුරා තෙපුල් කොහි ගියේ
ඒ වුණට රත්තරනේ සෙනෙහස තරුණයි හිතේ

නාඹර පැණි කිරිල්ලියන් වැටෙන් එහා ඉගිළ ගියාවේ
හිමි සඳුගේ සිත නොසැළී පැලට එන්න ඇස් ලැබුණාවේ

ම්.. ම්ම්.. ම් ....

නිල් ඉඳුවර නෙත් පොකුණේ නිල ඉහිරී බිම වැටේ
වත කමලේ පෙති සිඳිලා හීතල හිරිගඩු පිපේ
මට විතරද හිමි සඳුනේ කාලය දඬුවම් කළේ

නාඹර පැණි කිරිල්ලියන් වැටෙන් එහා ඉගිළ ගියාවේ
හිමි සඳුගේ සිත නොසැළී පැලට එන්න ඇස් ලැබුණාවේ

ම්.. ම්ම්.. ම් ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nabara Pani Kirilliyan Song Lyrics - නාඹර පැණි කිරිල්ලියන් ගීතයේ පද පෙළ Nabara Pani Kirilliyan Song Lyrics - නාඹර පැණි කිරිල්ලියන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment