Sanda Madala Wi Song Lyrics - සඳ මඬල වී ගීතයේ පද පෙළ

Sanda Madala Wi Song Lyrics - සඳ මඬල වී ගීතයේ පද පෙළ
Song Title : Sanda Madala Wi (සඳ මඬල වී)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය : නදීක ගුරුගේ
2014 දී තිරගතවූ "මහ රජ ගැමුණු" චිත්‍රපටියේ ගීයකි.


සඳ මඬල වී ගුවනේ දිළෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත්
පාවී
පාවී.. ආවත්
මඳ සුළඟ සේ ගත සිත නිවෙයි

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්
ඒ මියුරු ඵල රස විඳීනා පින නැතත්
සිත තුටින් පිරීයයි

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
අද අහිමි වන දේ යළී
හෙට දෙපා මුල රැඳෙයි
මේ නොවෙද ජීවිතේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Madala Wi Song Lyrics - සඳ මඬල වී ගීතයේ පද පෙළ Sanda Madala Wi Song Lyrics - සඳ මඬල වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment