Adura Ikibidina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ

Adura Ikibidina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ
Song Title : Adura Ikibidina Thuru (අඳුර ඉකිබිඳින තුරු)
ගායනය : නිරෝෂා විරාජිනී සහ අසංග ප්‍රියමන්ත පීරිස්
පද රචනය : චන්න ජයනාත්
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ


අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬණු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

පිවිතුරු පැන් බිඳකට මුතු කඳුළු වැටී
දෑඟිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැළි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමි

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬණු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳී
මින්දදයින් මා බලන්න නිතර එති
හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුණා දුක සසර පිරී

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬණු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adura Ikibidina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ Adura Ikibidina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment